ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාරගනියි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සැප්තැම්බර් මස 23 දින සිට ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පත් කෙරුණු අතර, ඔහුගේ රාජකාරි භාරගැනීමේ අවස්ථාව පසුගියදා පැවැත්වුණා.

ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ සහභාගීත්වයෙන්.

එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සිය ධුරයේ රාජකාරි භාරගැනීම පසුගිය 23 වැනිදා සිදු කෙරුණු බව‍යි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ඇතුළු ආරක්‍ෂක ප්‍රධානීන් සමඟ වර්තමාන ආරක්‍ෂක තත්ත්වය ඇතුළු වැදගත් කරුණු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ද මෙහිදී පැවැත්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18