ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාරගනියි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සැප්තැම්බර් මස 23 දින සිට ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පත් කෙරුණු අතර, ඔහුගේ රාජකාරි භාරගැනීමේ අවස්ථාව පසුගියදා පැවැත්වුණා.

ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ සහභාගීත්වයෙන්.

එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සිය ධුරයේ රාජකාරි භාරගැනීම පසුගිය 23 වැනිදා සිදු කෙරුණු බව‍යි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ඇතුළු ආරක්‍ෂක ප්‍රධානීන් සමඟ වර්තමාන ආරක්‍ෂක තත්ත්වය ඇතුළු වැදගත් කරුණු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ද මෙහිදී පැවැත්වුණා.