නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දී නව ආණ්ඩුකාරවරුන් 08 දෙනෙකු අද (25) පස්වරුවේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සරත් අබේකෝන් මහතා දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු ද වනවා.

දකුණු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි බන්දුල හරිස්චන්ද්‍ර මහතා දිවුරුම් දුන්නා.

උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දී දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
1
+1
14
+1
5
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?