AFC Banner
Empty Ad
Empty Ad

දකුණු සුඩානයේ බස් රථයකට මාරාන්තික ප්‍රහාරයක්

දකුණු සුඩානයේ ජුබා අගනුවරට දකුණින් පිහිටි ප්‍රධාන මාර්ගයක දී දුර ගමන් බස් රථයකට තුවක්කුකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු ද පැහැරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (24) උදෑසන උගන්ඩාවේ අගනුවර වන කම්පාලා වෙත ගමන් කරමින් තිබූ මගී වාහනය ඉලක්ක කර මෙම පරහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ අභ්‍යන්තරයේ ගිනිදැල් ගිලී ඇති අයුරු සහ කළු දුමාරයක් අහසට නැඟී එන අයුරු දර්ශනය වූ ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

දකුණු සුඩානයේ වසර ගණනාවක් පුරා පවතින සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා සාම ගිවිසුමක් ක්‍රියාත්මක වුවද, රටේ බොහෝ ප්‍රදේශවල අනාරක්ෂිත භාවය තවමත් පවන බවයි තවදුරටත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?