AFC Banner
Empty Ad
Empty Ad

මධ්‍යම කඳුකරයේ රථ වාහන ගමනාගමනයට බාධා (ඡායාරූප)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (24) දින රාත්‍රියේ සිට කඩින් කඩ තද වැසි පතිත වන අතර, අද (25) දින අළුයම් කාලයේ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල ඝන මීදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට ද බාධා පැමිණ තිබෙනවා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට හැටන් දක්වාත්, නුවරඑළිය, හැටන් මාර්ගයේ හැටන් සිට නානුඔය දක්වාත් මෙම ඝන මීදුම් තත්ත්වය වරින් වර පැවතීම හේතුවෙන් එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේ දී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙසයි හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

තවද කඩින් කඩ ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මාර්ග ලිස්සන සුළු බැවින් ඒ පිළිබඳවද අවධානයෙන් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

3 1 1
4 7
2 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?