AFC Banner
Empty Ad
Empty Ad

පස්සර බස් අනතුර සිදුකළ රියැදුරා යුද හමුදාවෙන් පැන ගිය අයෙක්

මගින් 14 දෙනෙකුට දිවි අහිමි කරමින් පස්සර 13 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වූ පෞද්ගලික බස්රියේ රියැදුරු යුද හමුදාවෙන් පලාගිය පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.

යුද හමුදාවේ ගැමුණු හේවා රෙජිමේන්තුවට අනුයුක්තව හමුදා කඳවුරු කිහිපයක රාජකාරි කර ඇති මොහු 2011 වසරේ සැප්තැම්බර් 03 වනදා හමුදාවෙන් පලාගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න අරුණ, කළ විමසුමකදී ඊයේ (19දා) සඳහන් කළේය.

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රියක් රියැදුරුගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් පස්සර 13 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වුණේ ඉකුත් මාර්තු 20 වනදාය. අනතුරින් 14 දෙනෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලැබූහ. අනතුර සම්බන්ධයෙන් බස් රියේ රියැදුරු වන කොඩිතුවක්කු ආරච්චිලාගේ නිහාල් චන්ද්‍රකුමාර යන අය අත්අඩංගුවට ගත් අතර ඔහු පොලිසිය වෙත ලබා දී තිබූ තොරතුරු හා ඔහුගේ රියැදුරු බලපත්‍රය පිළිබද ඇතිවූ සැකය ගැන බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්තගේ උපදෙස් හා අධීක්ෂණය මත විමර්ශන සිදුවිය.

සැකකාර රියැදුරු ඉදිරිපත් කර ඇති තාවකාලික රියැදුරු බලපත්‍රයෙහි සඳහන් අංකයෙන් ලියාපදිංචි වී ඇති වලංගු බරවාහන රියැදුරු බලපත්‍රය දේවාල පාර, ලුණුවල, ගම්පහ ලිපිනයේ පදිංචි තවත් අයෙකුගේ නමින්ද රියැදුරු විසින් ඉදිරිපත් කර ඇති ජාතික හැඳුනුම්පත් අංකයෙන් ලියාපදිංචි වී ඇති රියැදුරු බලපත්‍රය බෝවල, ගම්පල ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ නමින් ඇති සැහැල්ලු වාහන බලපත්‍රයක් බවද අනාවරණය වී තිබිණි.

රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩගෙන් අරුණ, කළ විමසුමකදී කියා සිටියේ මෙම රියැදුරු භාවිත කර ඇති ව්‍යාජ රියැදුරු බලපත්‍රය මගින් පොලිස් ස්ථාන කිහිපයකින් තාවකාලික රියැදුරු බලපත්‍ර අටක් ලබාගෙන මගී ප්‍රවාහනය සිදුකර ඇති බවය.

එමෙන්ම බදුල්ල දිසාවේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ අපරීක්ෂාකාරීව රිය පැදවීම, ව්‍යාජ රියැදුරු බලපත්‍ර භාවිත කරමින් නීති විරෝධීව රිය පැදවීම, මනුෂ්‍ය ඝාතන 14ක් සිදුකිරීම හා තවත් 28 දෙනෙකු තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ මොහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?