පස්සර බස් අනතුර සිදුකළ රියැදුරා යුද හමුදාවෙන් පැන ගිය අයෙක්

මගින් 14 දෙනෙකුට දිවි අහිමි කරමින් පස්සර 13 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වූ පෞද්ගලික බස්රියේ රියැදුරු යුද හමුදාවෙන් පලාගිය පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.

යුද හමුදාවේ ගැමුණු හේවා රෙජිමේන්තුවට අනුයුක්තව හමුදා කඳවුරු කිහිපයක රාජකාරි කර ඇති මොහු 2011 වසරේ සැප්තැම්බර් 03 වනදා හමුදාවෙන් පලාගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න අරුණ, කළ විමසුමකදී ඊයේ (19දා) සඳහන් කළේය.

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රියක් රියැදුරුගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් පස්සර 13 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වුණේ ඉකුත් මාර්තු 20 වනදාය. අනතුරින් 14 දෙනෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලැබූහ. අනතුර සම්බන්ධයෙන් බස් රියේ රියැදුරු වන කොඩිතුවක්කු ආරච්චිලාගේ නිහාල් චන්ද්‍රකුමාර යන අය අත්අඩංගුවට ගත් අතර ඔහු පොලිසිය වෙත ලබා දී තිබූ තොරතුරු හා ඔහුගේ රියැදුරු බලපත්‍රය පිළිබද ඇතිවූ සැකය ගැන බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්තගේ උපදෙස් හා අධීක්ෂණය මත විමර්ශන සිදුවිය.

සැකකාර රියැදුරු ඉදිරිපත් කර ඇති තාවකාලික රියැදුරු බලපත්‍රයෙහි සඳහන් අංකයෙන් ලියාපදිංචි වී ඇති වලංගු බරවාහන රියැදුරු බලපත්‍රය දේවාල පාර, ලුණුවල, ගම්පහ ලිපිනයේ පදිංචි තවත් අයෙකුගේ නමින්ද රියැදුරු විසින් ඉදිරිපත් කර ඇති ජාතික හැඳුනුම්පත් අංකයෙන් ලියාපදිංචි වී ඇති රියැදුරු බලපත්‍රය බෝවල, ගම්පල ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ නමින් ඇති සැහැල්ලු වාහන බලපත්‍රයක් බවද අනාවරණය වී තිබිණි.

රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩගෙන් අරුණ, කළ විමසුමකදී කියා සිටියේ මෙම රියැදුරු භාවිත කර ඇති ව්‍යාජ රියැදුරු බලපත්‍රය මගින් පොලිස් ස්ථාන කිහිපයකින් තාවකාලික රියැදුරු බලපත්‍ර අටක් ලබාගෙන මගී ප්‍රවාහනය සිදුකර ඇති බවය.

එමෙන්ම බදුල්ල දිසාවේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ අපරීක්ෂාකාරීව රිය පැදවීම, ව්‍යාජ රියැදුරු බලපත්‍ර භාවිත කරමින් නීති විරෝධීව රිය පැදවීම, මනුෂ්‍ය ඝාතන 14ක් සිදුකිරීම හා තවත් 28 දෙනෙකු තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ මොහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09