AFC Banner
Empty Ad
Empty Ad

ජනපති අනුරගේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි – අමාත්‍යාංශ 15ක් තිදෙනකු අතරේ බෙදෙයි (වීඩියෝ හා නිවේදනය)

නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය නම් කර තිබෙනවා.

අද (24) පස්වරුවේ මෙම කැබ්නට් මණ්ඩලය දිවුරුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

කැබිනට් මණ්ඩලය අමාත්‍යාංශ 15කට බෙදා තිබෙනවා.

නමුත් එම අංශ 15 ජනාධිපති, අගමැති හා එක් කැබිනට් අමාත්‍යවරයෙකු වටා කේන්ද්‍රගත වී ඇති අයුරුයි දක්නට ලැබෙන්නේ.

ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය, බලශක්ති හා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් යන අමාත්‍යාංශ සියල්ල ම දේශපාලන විධායකය වන ජනාධිපති යටතේ පවතිනවා.

අග්‍රාමාත්‍ය තනතුරට හිමිව ඇත්තේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු, සෞඛ්‍ය, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ, කාන්තා, ළමා හා තරුණ කටයුතු ක්‍රීඩා ආදි අමාත්‍යාංශයි.

කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් විජිත හේරත් හට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය, ප්‍රවාහන ක්ෂේත්‍රය, මහජන ආරක්ෂක, විදේශ කටයුතු, පරිසර හා වනජීවී, ග්‍රාමීය හා නාගරික සංවර්ධන යන අංශවල වගකීම හිමිව තිබෙනවා.

WhatsApp Image 2024 09 24 at 17.33.17 2
WhatsApp Image 2024 09 24 at 17.33.19
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?