ශීතකරණයක් තුළ කාන්තාවකගේ සිරුරු කොටස් – සැකකරු ප්‍රදේශයෙන් පළා ගිහින්

ශීතකරණක් තුළ තිබී කාන්තාවකගේ සිරුරු කොටස් සොයා ගැනීමේ පුවතක් ඉන්දියාවේ බැංගලෝර්වලින් වාර්තා වනවා.

පසුගිය සෙනසුරාදා මෙම සිරුරු කොටස් සොයාගෙන ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි මහාලක්ෂ්මි නැමැති තැනැත්තියක්.

ඇය තාවකාලිකව පදිංචිව සිටි බැංගලෝර් හි වයිලිකාවල් නගරයේ නිවස තුළ තිබූ ශීතකරණක තිබී ඇයගේ සිරුරු කොටස් 30ක් පමණ මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුදගලයා හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබෙනවා.

මෙම කාන්තාව පදිංචිව සිටි නිවසින් දුර්ඝන්ධයක් හමන බවට අවට පදිංචි ජනතාව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ පිටතින් දමා තිබූ අගුල් කඩා ඒ තුළට ඇතුල් වී තිබෙනවා.

එහිදී නිවස තුළ සිදුකළ පරික්ෂා කිරීමේ දී එහි තිබූ ශීතකරණක් තුළින් මෙම කාන්තාවගේ සිරුරු කොටස් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඇයව ඝාතනය කර සිරුරු කොටස් ශීතකරණක් තුළ සඟවා දින පහකට පමණ පසු ඒවා මෙලෙස සොයාගෙන ඇති අතර, ඒ වනවිටත් ඒවාට පණුවන් ගසා තිබූ බව සඳහන්.

මෙම කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එහි වාර්තාව බලාපොරොත්තුවෙන් සිටින බවයි බැංගලෝර් පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
8
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?