ශීතකරණයක් තුළ කාන්තාවකගේ සිරුරු කොටස් – සැකකරු ප්‍රදේශයෙන් පළා ගිහින්

ශීතකරණක් තුළ තිබී කාන්තාවකගේ සිරුරු කොටස් සොයා ගැනීමේ පුවතක් ඉන්දියාවේ බැංගලෝර්වලින් වාර්තා වනවා.

පසුගිය සෙනසුරාදා මෙම සිරුරු කොටස් සොයාගෙන ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි මහාලක්ෂ්මි නැමැති තැනැත්තියක්.

ඇය තාවකාලිකව පදිංචිව සිටි බැංගලෝර් හි වයිලිකාවල් නගරයේ නිවස තුළ තිබූ ශීතකරණක තිබී ඇයගේ සිරුරු කොටස් 30ක් පමණ මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුදගලයා හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබෙනවා.

මෙම කාන්තාව පදිංචිව සිටි නිවසින් දුර්ඝන්ධයක් හමන බවට අවට පදිංචි ජනතාව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ පිටතින් දමා තිබූ අගුල් කඩා ඒ තුළට ඇතුල් වී තිබෙනවා.

එහිදී නිවස තුළ සිදුකළ පරික්ෂා කිරීමේ දී එහි තිබූ ශීතකරණක් තුළින් මෙම කාන්තාවගේ සිරුරු කොටස් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඇයව ඝාතනය කර සිරුරු කොටස් ශීතකරණක් තුළ සඟවා දින පහකට පමණ පසු ඒවා මෙලෙස සොයාගෙන ඇති අතර, ඒ වනවිටත් ඒවාට පණුවන් ගසා තිබූ බව සඳහන්.

මෙම කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එහි වාර්තාව බලාපොරොත්තුවෙන් සිටින බවයි බැංගලෝර් පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08