AFC Banner
Empty Ad
Empty Ad

ඉතිහාසයේ සාමකාමී ම මැතිවරණය මෙයයි – පැෆ්රල් සංවිධානය (වීඩියෝ)

2024 ජනාධිපති මැතිවරණය ඉතිහාසයේ සාමකාමී ම මැතිවරණය බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඡන්ද විමසීම සිදුකළ අද (21) දිනය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 108ක් තම සංවිධානය වෙත වාර්තා වූ බවයි.

මෙවර සමාජ මාධ්‍ය හරහා මැතිවරණ නීතිය නොතකා කටයුතු කිරීම අඛණ්ඩව සිදු වූ නමුත්, මැතිවරණයේ දී රාජ්‍ය දේපළ අවභාවිත කිරීම් ඉතා අඩු මට්ටමක පැවති බවයි ඔහු සඳහන් කළේ.

රට තුළ පොලිස්පතිවරයෙන් නොමැති අවස්ථාවක වුව ද ඡන්ද විමසීම පැවැත්වීම වෙනුවෙන් පොලිසිය ඉතා හොඳ සහායක් ලබා දුන් බව ද පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙහිදී පැවසුවා.

මේ අතර පැෆ්රල් සංවිධානය සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 75%ත් 80%ත් අතර අගයක පැවති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?