AFC Banner
Empty Ad
Empty Ad

බහින්බස් වීමක් දුරදිග ගොස් එල්ල කළ පහරදීමකින් පුද්ගලයෙකු මරුට

රත්නපුර – ගොඩකවෙල පොලිස් වසමට අයත් හපුගස්තැන්න ගම්මානයේ දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අප දසත වාර්තාකරු පැවසුවේ; බහින්බස් වීම සිදුවන අවස්ථාවේදී එක් පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට පහරදීම සිදු කර ඇති බවත්; පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම තැනැත්තා ගොඩකවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ දුම්මලතැන්න – සපුගස්තැන්න පදිංචි R.E. ලසිත දේශප්‍රිය නමැති 36 හැවිරිදි අවිවාහක තැනැත්තෙක්.

ඝාතකයා ව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් වැඩිදුර විමර්ශන ගොඩකවෙල පොලිසිය විසින් මෙහෙයවනු ලබන බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?