හෙට සිට බස් රථ ධාවනයේ සියයට 50ක අඩුවක් – යථා තත්ත්වයට පත්වෙන්නත් ප්‍රමාද වන ලකුණු?(වීඩියෝ)

හෙට (20) දිනයේ දී බස් රථ ධාවනය 50%ක් දක්වා අඩු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ අද දිනයේ දී සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සිදු වුව ද, හෙට දින සහ ජනාධිපතිවරණය පැවැත්වෙන 21 වැනිදා දින ද බස් රථ ධාවනය 10%ත් 20% අතර අගයක් ගන්නා බවයි.

දුර ගමන් සේවා බස් රථ සේවාව විශේෂයෙන්ම අඩාල වන බවත් එම බස් රථවල සේවකයින්ට ගම්බද ප්‍රදේශවල ඡන්දය දැමීමේ කටයුතු සඳහා යාම හේතුවෙන් එලෙස බස් ධාවනය අඩාල විය හැකි බවයි හෙතෙම පැවසුවේ.

හෙට දිනයේ දී නිවෙස් කරා යන ආයෝජන කලාප ආදී ආයතනවල සේවය කරන පිරිස් හට අවශ්‍ය පරිදි ආසන වෙන් කරවා ගැනීමේ අවස්ථාව ද මේ වනවිට ඇති බවයි ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු සෑම දිස්ත්‍රික්කයකට ම බස් රථ 750ක් පමණ මැතිවරණ කටයුතු සඳහා යොදවා තිබෙන බවත් හෙට සිට යොදවා ඇති බස් රථ තුළින් ද ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදු කිරීමට රජයේ උපදෙස් මත ක්‍රියා කරන බව ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

යළිත් බස් රථ ධාවනය යථා තත්ත්වයට පත්වීමට අවම වශයෙන් දෙදිනක් පමණ ගත වේ යැයි ද හෙතෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32