හෙට සිට බස් රථ ධාවනයේ සියයට 50ක අඩුවක් – යථා තත්ත්වයට පත්වෙන්නත් ප්‍රමාද වන ලකුණු?(වීඩියෝ)

හෙට (20) දිනයේ දී බස් රථ ධාවනය 50%ක් දක්වා අඩු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ අද දිනයේ දී සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සිදු වුව ද, හෙට දින සහ ජනාධිපතිවරණය පැවැත්වෙන 21 වැනිදා දින ද බස් රථ ධාවනය 10%ත් 20% අතර අගයක් ගන්නා බවයි.

දුර ගමන් සේවා බස් රථ සේවාව විශේෂයෙන්ම අඩාල වන බවත් එම බස් රථවල සේවකයින්ට ගම්බද ප්‍රදේශවල ඡන්දය දැමීමේ කටයුතු සඳහා යාම හේතුවෙන් එලෙස බස් ධාවනය අඩාල විය හැකි බවයි හෙතෙම පැවසුවේ.

හෙට දිනයේ දී නිවෙස් කරා යන ආයෝජන කලාප ආදී ආයතනවල සේවය කරන පිරිස් හට අවශ්‍ය පරිදි ආසන වෙන් කරවා ගැනීමේ අවස්ථාව ද මේ වනවිට ඇති බවයි ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු සෑම දිස්ත්‍රික්කයකට ම බස් රථ 750ක් පමණ මැතිවරණ කටයුතු සඳහා යොදවා තිබෙන බවත් හෙට සිට යොදවා ඇති බස් රථ තුළින් ද ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදු කිරීමට රජයේ උපදෙස් මත ක්‍රියා කරන බව ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

යළිත් බස් රථ ධාවනය යථා තත්ත්වයට පත්වීමට අවම වශයෙන් දෙදිනක් පමණ ගත වේ යැයි ද හෙතෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09