ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිනිදුම ආසන සංවිධායකවරයා ඝාතනය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායකයෙකු වන ව්‍යාපාරික සම්පත් ගමගේට මුගුරකින් පහර දී ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (19) දින කලවාන වැද්දාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා සැකකරුගේ දරුවෙකු නිවස වෙත රැගෙන ගොස් බලහත්කාරයෙන් මත්පැන් පොවා අස්වාභාවික ලිංගික කටයුත්තක් සිදු කර ඇති බවට ලද තොරතුරක් මත ඒ පිළිබදව ඇති වූ කේන්තිය නිසාවෙන් ඔහුගේ නිවසට ගොස් පහර දී ඝාතනය කළ බව සැකකරු පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබෙනවා.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් හෝ සාක්ෂියක් නොතිබූ අවස්ථාවක අතුරුගිරිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩිගමුව වැලිපිල්ලෑව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සම්පත් ගමගේ පදිංචිව සිටි හෝමාගම පනාගොඩ සමගි මාවතේ නිවසේදී මෙම ඝාතනය සිදුකර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරධ ප්‍රනාන්දුගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල් ඇතුලු අපරාධ විමර්ශන ඒකකය නිලධාරීන් විසින් මේ පිළිබදව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?