ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිනිදුම ආසන සංවිධායකවරයා ඝාතනය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායකයෙකු වන ව්‍යාපාරික සම්පත් ගමගේට මුගුරකින් පහර දී ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (19) දින කලවාන වැද්දාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා සැකකරුගේ දරුවෙකු නිවස වෙත රැගෙන ගොස් බලහත්කාරයෙන් මත්පැන් පොවා අස්වාභාවික ලිංගික කටයුත්තක් සිදු කර ඇති බවට ලද තොරතුරක් මත ඒ පිළිබදව ඇති වූ කේන්තිය නිසාවෙන් ඔහුගේ නිවසට ගොස් පහර දී ඝාතනය කළ බව සැකකරු පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබෙනවා.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් හෝ සාක්ෂියක් නොතිබූ අවස්ථාවක අතුරුගිරිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩිගමුව වැලිපිල්ලෑව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සම්පත් ගමගේ පදිංචිව සිටි හෝමාගම පනාගොඩ සමගි මාවතේ නිවසේදී මෙම ඝාතනය සිදුකර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරධ ප්‍රනාන්දුගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල් ඇතුලු අපරාධ විමර්ශන ඒකකය නිලධාරීන් විසින් මේ පිළිබදව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54