ජනක රත්නායකගෙන් අල්ලස් ගන්න හැදූ දෙදෙනාට ඇප

එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාවක් ලබාදීම සඳහා මහජන උපයෝගතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් කෝටි තුනක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියත් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම පක්ෂයේ සාමාජිකයන් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (18) නියෝග කර තිබෙනවා.

එම පක්ෂයේ හිටපු ලේකම්වරයකු වන 2015 ජනාධිපතිවරණයට එම පක්ෂයෙන් ඉදිරිපත් වූ රුවන්තිලක පේදුරුආරච්චි හා එම පක්ෂයේ සාමාජිකයකු වන නිහාල් ප්‍රේමකුමාර යන සැකකරුවන් දෙදෙනා රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීර ඇප දෙකක් මත එසේ මුදාහැරීමට නියම කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සැකකාරියක් ඇතුලු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉහත සඳහන් කළ සැකකරුවන් දෙදෙනා හැර සෙසු සැකකරුවන් රුපියල් ලක්ෂ 20 බැගින්වූ ශරීර ඇප මත මීට පෙර නඩු වාරයේදී මුදා හැර තිබුණා.

එම පක්ෂයේ නිත්‍ය ලේකම් මාර්ටින් සරත්චන්ද්‍ර, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් වන රංගන කුමාර, චන්දන සුගත්,නිල්මිණී පුෂ්පකුමාරි ඇතුළු සැකකරුවන් හය දෙනකු එසේ ඇප මත මුදා හැරීමට නියම කළා.

ඉදිරි ජනාධිපතිවරණයට (2024) ඉදිරිපත්වීම සඳහා පෙරේදා (14) ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අට දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එම අල්ලස් මුදල ලබාදීම සඳහා වැලිකඩ ප්ලාසා සාප්පු සංකීර්ණයට පැමිණෙන ලෙසට සැකකරුවන් පිරිස ජනක රත්නායකට දැනුම් දී ඇති බවත් ඒ අනුව රත්නායක මහතා එම ස්ථානයට ගොස් අදාළ අල්ලස් මුදල් සැකකරුවන්ට ලබාදීමට උත්සාහ ගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12