AFC Banner
Empty Ad
Empty Ad

A9 මාර්ගයේ සිදු වූ අනතුරකින් දෙදෙනකුට දිවි අහිමි වෙයි

යාපනය – නුවර A9 මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ (18) රාත්‍රී කාලයේ දී වවුනියාව – ඕමන්ත ප්‍රදේශයේ දී බවයි දසත වාර්තාකරු පැවසුවේ.

ඕමන්ත විවිධ සේවා සමුපකාරය අසල දී අනතුර සිදු ව ඇති අතර යතුරුපැදියක් හා පාපැදියක් ගැටීමෙන් මෙම පුද්ගලයින් දෙදෙනාට ජීවිත අහිමි වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ මායවනුර් – වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වීරසිංහම් ජනිතරන් හා පාපැදියේ ගමන් ගත් 48 හැවිරිදි ෂන්මුගරාජා යෝගරාස යන අයයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?