මැතිවරණ ප්‍රචාරණයේ අවසන් දිනයේ දී ජනපති ධුර අපේක්ෂකයින්ගේ අවසන් රැලි ගැන දැනුම්දීමක්

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිත අතර ප්‍රධාන පෙළේ ජනාධිපති ධුර අපේක්ෂකයින් අද දිනයට සිය ජන රැලි මාලාවක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ අවසන් ජන රැලියක් ග්‍රෑන්ඩ්පාස් – කොස්ගස් හන්දියේ දී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මීට අමතර ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අදාළ අවසන් ජන රැලි 05ක් අද දිනට පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

ඒ අතර පෙරවරු 10ට මොනරාගල, පෙරවරු 11ට ඇඹිලිපිටිය, පස්වරු 1ට අම්බලන්ගොඩ, පස්වරු 03ට බේරුවල සහ පස්වරු 05ට කොළඹ දීයි මෙම අවසන් ජන රැලි පැවැත්වෙන්නේ.

ජාතික ජන බලවේගය අද දිනට අවසන් මහා රැලිය පස්වරු 05ට නුගේගොඩ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පස්වරු 03ට කළුතරදීත්, පස්වරු 3.30ට ගම්පහදීත් සෙසු අවසන් ජන රැලි පැවැත්වෙනු ඇති.

මීට අමතරව මව්බිම ජනතා පක්ෂයේ ද අවසන් ජන රැලිය කොට්ටාව බස් නැවතුම්පොළ භූමියේ පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

මෙම සියලු දේශපාලන කටයුතුවල ආරක්ෂාව තර කර ඇති අතර පොලිස් නිලධාරින් විශාල ප්‍රමාණයක් ආරක්ෂාවට යොදා ඇති අතර; විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55