නිදහස් පක්ෂයේ හිනිදුම ආසන සංවිධායක ඝාතනය කෙරේ

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ආසන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නැමැත්තා පහර දී ඝාතනය කර තිබෙනවා.

ඔහු පදිංචිව සිටි හෝමාගම, පනාගොඩ සමඟි මාවතේ පිහිටි නිවසේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි මීගොඩ පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා අනියම් සම්බන්ධයක් පැවැත් වූ කාන්තාවක් විසින් දින කිහිපයකට පෙර ඔහුව ඝාතනයට කරන බවට දුරකථන පණිවුඩයක් ඒවා ඇති බවට කරුණු අනාවරණය වූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා අද (17) පනාගොඩ නිවසේ රැඳී සිටිය දී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු මුගුරකින් හිසට පහර දී සති බවට තොරතුරු වාර්තා වනවා.

පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඝාතනය සිදුකළ සැකකරු මෙතෙක් හදුනා ගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හින්ඳුම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කර, සති දෙකකට පමණ පෙර සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළකිරීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
33
+1
2
+1
9
+1
1
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08