AFC Banner
Empty Ad
Empty Ad

සත් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී සියෙරා ලියොන් රාජ්‍යයේ මහා අනතුරක්

සියෙරා ලියොන් රාජ්‍යයේ අගනුවරවන ෆ්‍රීටවුන් හි මහල් හතක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් පසු සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බටහිර අප්‍රිකානු රාජ්‍යයක්වන සියෙරා ලියොන් හි ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසුවේ සුන්බුන් අතරින් හයදෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි.

මෙම අනතුරින් මියගිය අය අතර වයස අවුරුදු පහට අඩු ගැහැණු ළමයින් දෙදෙනෙක් සහ පිරිමි ළමයෙකු සිටින බවයි වාර්තා වුණේ.

නුසුදුසු කොන්ත්‍රාත්කරුවන් යොදාගැනීම සහ ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇති බව සඳහන්.

සියෙරා ලියොන් යනු ලෝකයේ දුප්පත්ම රටවලින් එකක් වන අතර, බොහෝ විට ගොඩනැගිලි ඉදිකරනු ලබන්නේ ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍යවලින් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?