සත් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී සියෙරා ලියොන් රාජ්‍යයේ මහා අනතුරක්

සියෙරා ලියොන් රාජ්‍යයේ අගනුවරවන ෆ්‍රීටවුන් හි මහල් හතක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් පසු සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බටහිර අප්‍රිකානු රාජ්‍යයක්වන සියෙරා ලියොන් හි ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසුවේ සුන්බුන් අතරින් හයදෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි.

මෙම අනතුරින් මියගිය අය අතර වයස අවුරුදු පහට අඩු ගැහැණු ළමයින් දෙදෙනෙක් සහ පිරිමි ළමයෙකු සිටින බවයි වාර්තා වුණේ.

නුසුදුසු කොන්ත්‍රාත්කරුවන් යොදාගැනීම සහ ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇති බව සඳහන්.

සියෙරා ලියොන් යනු ලෝකයේ දුප්පත්ම රටවලින් එකක් වන අතර, බොහෝ විට ගොඩනැගිලි ඉදිකරනු ලබන්නේ ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍යවලින් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22