AFC Banner
Empty Ad
Empty Ad

අද ආණ්ඩුවට තීරණාත්මකයි – පක්ෂ නායක හමුව ගැන අගමැතිගෙන් අනාවැකියක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර ඉතා තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ සහභාගි වීමට නියමිතය.

මෙම සාකච්ඡාවේදී මැයි රැලිය පවත්වන ආකාරය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුලු දැනට ආණ්ඩුව ඇතුළේ මතුව ඇති දේශපාලන ගැටලු ගණනාවක්ම සාකච්ඡා වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.

මේ අතර එම සාකච්ඡා සඳහා පක්ෂ නායකයින් නොවන පිරිසක් ද කැඳවා ඇති බව වාර්තා වේ.

එම හමුව සදහා කැඳවා ඇති පිරිස 55 දෙනෙකු පමණ බවද පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ උපරිම වශයෙන් පක්ෂ 16ක් පමණක් බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම හමුව පිළිබඳ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ජාතික පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ සහ තමා අතර 19 වැනිදා සිදුකෙරෙන සාකච්ඡා අසාර්ථක වනු ඇතැයි විපක්‍ෂයේ සමහරුන් සිහින දකින බවයි.

ආණ්ඩුව ගන්නා සෑම ක‍්‍රියාමාර්ගයකින්ම ආණ්ඩුවට වරදින තැන් සෙවීම පිණිස උනන්දුවෙන් ඇතැමුන් බලාසිටින බවත් අද සමහරු එක එක චෝදනා ඉදිරිපත් කරන බවත් ඒ චෝදනා දවස් දෙක තුනකට ගෙන යන බවත් අගමැතිවරයා පැවසීය.
 
“ඊට පස්සේ ආයෙත් තව චෝදනාවක් ගේනවා. ඒකත් ඒ වගේමයි. දවස් කීපයක් කෑ ගහනවා. විපක්‍ෂය දවස ගෙනයෑම සඳහා එක එක මාතෘකා ගේනවා. ඒත් රටේ ජනතාව සිහිබුද්ධියෙන් බලාගෙන ඉන්නවා. ඔය කෑගහන විපක්‍ෂයේ උදවිය එදා බලයේ ඉඳලා මොනවද කළේ. මෙදා ඡන්දයේදී ජනතාව එයාලට නියම විදිහට උත්තර දුන්නා. විපක්‍ෂයේ උදවිය බලයේ ඉඳලා කරපු දේවල් එයාලට මතක නැහැ. ජනතාවට මතකයි. ඒ හින්දයි ජනතාව එයාලව ප‍්‍රතික්‍ෂේප කළේ.” යැයි අගමැතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?