අද ආණ්ඩුවට තීරණාත්මකයි – පක්ෂ නායක හමුව ගැන අගමැතිගෙන් අනාවැකියක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර ඉතා තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ සහභාගි වීමට නියමිතය.

මෙම සාකච්ඡාවේදී මැයි රැලිය පවත්වන ආකාරය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුලු දැනට ආණ්ඩුව ඇතුළේ මතුව ඇති දේශපාලන ගැටලු ගණනාවක්ම සාකච්ඡා වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.

මේ අතර එම සාකච්ඡා සඳහා පක්ෂ නායකයින් නොවන පිරිසක් ද කැඳවා ඇති බව වාර්තා වේ.

එම හමුව සදහා කැඳවා ඇති පිරිස 55 දෙනෙකු පමණ බවද පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ උපරිම වශයෙන් පක්ෂ 16ක් පමණක් බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම හමුව පිළිබඳ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ජාතික පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ සහ තමා අතර 19 වැනිදා සිදුකෙරෙන සාකච්ඡා අසාර්ථක වනු ඇතැයි විපක්‍ෂයේ සමහරුන් සිහින දකින බවයි.

ආණ්ඩුව ගන්නා සෑම ක‍්‍රියාමාර්ගයකින්ම ආණ්ඩුවට වරදින තැන් සෙවීම පිණිස උනන්දුවෙන් ඇතැමුන් බලාසිටින බවත් අද සමහරු එක එක චෝදනා ඉදිරිපත් කරන බවත් ඒ චෝදනා දවස් දෙක තුනකට ගෙන යන බවත් අගමැතිවරයා පැවසීය.
 
“ඊට පස්සේ ආයෙත් තව චෝදනාවක් ගේනවා. ඒකත් ඒ වගේමයි. දවස් කීපයක් කෑ ගහනවා. විපක්‍ෂය දවස ගෙනයෑම සඳහා එක එක මාතෘකා ගේනවා. ඒත් රටේ ජනතාව සිහිබුද්ධියෙන් බලාගෙන ඉන්නවා. ඔය කෑගහන විපක්‍ෂයේ උදවිය එදා බලයේ ඉඳලා මොනවද කළේ. මෙදා ඡන්දයේදී ජනතාව එයාලට නියම විදිහට උත්තර දුන්නා. විපක්‍ෂයේ උදවිය බලයේ ඉඳලා කරපු දේවල් එයාලට මතක නැහැ. ජනතාවට මතකයි. ඒ හින්දයි ජනතාව එයාලව ප‍්‍රතික්‍ෂේප කළේ.” යැයි අගමැතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40