පාලකයින්ට බිය වී සිටි යුගය අවසන් කරන බවට අනුරගෙන් ප්‍රතිඥා

රටේ පාලකයින්ට බිය වී සිටි යුගය අවසන් කර රටේ ජනතාවට වගකියන රජයක් පිහිටුවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය තහවුරු කරන ජනරැළි මාලාවේ තලවකැලේ දී අද (15) පැවති ජනරැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක පැවසුවේ වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වී ඇතත්, එම ජනතාවගේ ආර්ථික තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය, නිවාස ගැටළුව, එම ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන
තත්ත්වය ඉහළ දැමීමට කිසිදු පාලකයෙකු මේ වන තෙක් කටයුතු කර නොමැති බවයි.

තම රජයක් යටතේ වතුකරයේ ජනතාව මේ රටේ ආර්ථිකය ඉහළ දැමීමට සහ ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ දැමීමට හැකි වැඩපිළිවෙලක් දියත් කරන බවත්, රටේ අනෙකුත් ජනතාවට තිබෙන අයිතිවාසිකම් වතුකරයේ ජනතාවට ද ලබාදීමට කටයුතු කරන බව ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අතර රටේ තේ ආර්ථිකය ගොඩගැනිම සඳහා වතු සමාගම් කිහිපයක් එක්ව සකස් කරන ලද ප්‍රඥප්තියක් වැවිලිකරුවන්ගේ සංගමයේ නිලධාරින් පිරිසක් විසින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙත මෙහි දී පිළිගන්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42