පාලකයින්ට බිය වී සිටි යුගය අවසන් කරන බවට අනුරගෙන් ප්‍රතිඥා

රටේ පාලකයින්ට බිය වී සිටි යුගය අවසන් කර රටේ ජනතාවට වගකියන රජයක් පිහිටුවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය තහවුරු කරන ජනරැළි මාලාවේ තලවකැලේ දී අද (15) පැවති ජනරැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක පැවසුවේ වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වී ඇතත්, එම ජනතාවගේ ආර්ථික තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය, නිවාස ගැටළුව, එම ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන
තත්ත්වය ඉහළ දැමීමට කිසිදු පාලකයෙකු මේ වන තෙක් කටයුතු කර නොමැති බවයි.

තම රජයක් යටතේ වතුකරයේ ජනතාව මේ රටේ ආර්ථිකය ඉහළ දැමීමට සහ ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ දැමීමට හැකි වැඩපිළිවෙලක් දියත් කරන බවත්, රටේ අනෙකුත් ජනතාවට තිබෙන අයිතිවාසිකම් වතුකරයේ ජනතාවට ද ලබාදීමට කටයුතු කරන බව ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අතර රටේ තේ ආර්ථිකය ගොඩගැනිම සඳහා වතු සමාගම් කිහිපයක් එක්ව සකස් කරන ලද ප්‍රඥප්තියක් වැවිලිකරුවන්ගේ සංගමයේ නිලධාරින් පිරිසක් විසින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙත මෙහි දී පිළිගන්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?