AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයනය සම්බන්ධයෙන් ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කට අරියි

ලංකා වාහන අනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ අද (14) මාධ්‍ය හමුවකට එක්වෙමින් රජ‍ය විසින් වාහන ආනයනය සඳහා නව කැබිනට් මණ්ඩල තීරණයක් ගෙන ඒම පිළිබඳව සිය අදහස් පළ කළා.

මීට පෙරින් මුදල් අමාත්‍යාංශය මගින් වාහන ආනයන ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සඳහා විශේෂ කමිටුවක් නිර්මාණය කර තිබූ බවත් තමන් එම කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ බවත් මොහු මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරුණා.

සභාපතිවරයා පවසන්නේ, මෙම මෙවැනි කැබිනට් මණ්ඩල තීරණය මැතිවරණ සමය තුළ ඡන්ද වාසි ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද්දක් බවයි.

වතමන් ජනතාව බුද්ධිමත් අතර මෙවැනි ක්‍රියාවන් සිදු කොට ජනතාව මුලා නොකරන ලෙස ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මොහු තව දුරටත් පෙන්වා දෙන්නේ වාහන ආනයනයට නිසි ප්‍රතිපත්තියක් නොමැති වීමෙන් ජපන් අයෝජන කරුවන්ද මෙරට නොපැමිණෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටින්නේ, මෙරට ආර්ථිකය විනාශ වීමට මූලික හේතුව වන්නේ ද කිසිඳු ව්‍යාපාරයක නියාමනයක් නොමැතිකම බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
6
+1
153
+1
3
+1
6
+1
7
+1
15
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?