AFC Banner
Empty Ad
Empty Ad

ටෙස්ට් තරගාවලියට කිවියන් දිවයිනට (ඡායාරූප)

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනට පැමිණියා.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි – 281 දරණ ගුවන් යානයෙන් නවසීලන්ත කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ගාල්ලේ දී ලබන 18 වනදා ආරම්භ වනවා.

2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අදාළවයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙක් ලෙස ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කටයුතු කිරීම ද විශේෂත්වයක්.

WhatsApp Image 2024 09 14 at 5.10.30 PM 1
WhatsApp Image 2024 09 14 at 5.10.30 PM
WhatsApp Image 2024 09 14 at 5.10.29 PM 1
WhatsApp Image 2024 09 14 at 5.10.29 PM
WhatsApp Image 2024 09 14 at 5.10.28 PM 2
WhatsApp Image 2024 09 14 at 5.10.28 PM 1
WhatsApp Image 2024 09 14 at 5.10.28 PM
WhatsApp Image 2024 09 14 at 5.10.27 PM 1
WhatsApp Image 2024 09 14 at 5.10.27 PM
WhatsApp Image 2024 09 14 at 5.10.26 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?