AFC Banner
Empty Ad
Empty Ad

වෑන් රථයක් බටඅත්ත පාලමෙන් ඇලට වැටී කේක් ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට

වෑන් රථයක් ගල්පාත, බටඅත්ත පාලමෙන් ඇලට වැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වී අද (14) අලුයම නැවත නිවස බලා යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් මියගොස් ඇත්තේ හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කේක් නිෂ්පාදන ආයතනයක හිමිකරුවෙක්.

ගෝන්දර කෝරාළගේ කරුනාසේන නැමැති 69 හැවිරිදි එම පුද්ගලයා සිදුරංගල වත්ත, වැලිකල, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයාගේ පුත්‍රයා විසින් රථය පදවා ඇති අතර, ඔහුට නින්දයාම හේතුවෙන් වාහනය පාරෙන් ඉවතට පැන පාලම මතින් ඇලට වැටී තිබෙනවා.

ඇලට වැටුණු වෑන් රථයෙන් ඉවතට ගත් එම පුද්ගලයා වහාම ත රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, අනතුරින් ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ද තුවාල බලා ඇති බවයි වාර්තා වුණේ.

අදාළ පුද්ගලයා රෝහල් ගතකරන විටත් ජීවිතක්ක්ෂයට පත්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

අනතුර සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කළුතර උතුරු පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?