වෑන් රථයක් බටඅත්ත පාලමෙන් ඇලට වැටී කේක් ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට

වෑන් රථයක් ගල්පාත, බටඅත්ත පාලමෙන් ඇලට වැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වී අද (14) අලුයම නැවත නිවස බලා යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් මියගොස් ඇත්තේ හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කේක් නිෂ්පාදන ආයතනයක හිමිකරුවෙක්.

ගෝන්දර කෝරාළගේ කරුනාසේන නැමැති 69 හැවිරිදි එම පුද්ගලයා සිදුරංගල වත්ත, වැලිකල, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයාගේ පුත්‍රයා විසින් රථය පදවා ඇති අතර, ඔහුට නින්දයාම හේතුවෙන් වාහනය පාරෙන් ඉවතට පැන පාලම මතින් ඇලට වැටී තිබෙනවා.

ඇලට වැටුණු වෑන් රථයෙන් ඉවතට ගත් එම පුද්ගලයා වහාම ත රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, අනතුරින් ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ද තුවාල බලා ඇති බවයි වාර්තා වුණේ.

අදාළ පුද්ගලයා රෝහල් ගතකරන විටත් ජීවිතක්ක්ෂයට පත්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

අනතුර සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කළුතර උතුරු පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10