මාලිමාවට කතිරේ ගහන්න බෑ කිව්වාට හෙල්මටයෙන් ගහලා

මාලිමාවට ඡන්දය භාවිත කිරීමට තමන්ට නොහැකි බවට පැවසූ පුද්ගලයෙකුට තවත් අයෙකු විසින් හෙල්මටයෙන් පහර දී තුවාල සිදු කිරීමේ පුවතක් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ කොස්ගොඩ ප්‍රදේශයෙන්.

කොස්ගොඩ පොලිසිය පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය -මහ ඉඳුරුව, කයිකාවල රට බීමහලක් ඉදිරිපිට දී මෙම පහර දීම පසුගියදා රාත්‍රී 09ට පමණ සිදු ව ඇති බවටයි.

එම අවස්ථාවේ දී පහර දුන් පුද්ගලයා සහ පහරකෑමට ලක් වූ තැනැත්තා අතර දේශපාලන කතාබහක් හටගෙන ඇති බවත්; පහර දුන් පුද්ගලයා පවසා ඇත්තේ නියත වශයෙන් ම මාලිමාවට ඡන්දය ලබාදීම අනෙකා විසින් සිදු කළ යුතු බවටයි.

තමන්ට කැමති අයෙකුට ඡන්දය ලබාදෙන බවටයි පහරකෑමට ලක් වූ පුද්ගලයා පවසා ඇත්තේ.

එහිදී සැකකරු විසින් මෙම පුද්ගලයාට අතේ තිබූ හෙල්මටයෙන් පහර දී තිබෙනවා.

පහරකෑමට ලක් වූ පුද්ගලයාගේ ඇසට හානි සිදු ව ඇති බවත් ඔහු මේ වනවිට (13) බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.

මෙලෙස පහරකෑමට ලක් ව ඇත්තේ කයිකාවල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කුමාර සංජීව ජයසූරිය නමැති අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බලපිටිය රෝහල් පොලිසිය හරහා බලපිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
22
+1
1
+1
7
+1
3
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකම වෙලාවේ එකම ගුවන් යානයේ අනුර සහ නාමල් ?
00:43
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි
01:07
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්
06:07
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි...විශාල විනාශයක් වාසනාවකට නැවතුනා
03:26
Video thumbnail
ජනපති සිංහලෙන් කළ විශේෂ ප්‍රකාශය..
08:37
Video thumbnail
ජනපති සහ මාලදිවයිනේ ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි
01:16
Video thumbnail
මෛත්‍රීපාල ලක්ෂ 50ක මුදලක් ගසා කාලා?
02:59
Video thumbnail
රට තුළ ප්‍රමිතයක් නැති පොල්තෙල් විකිණෙනවා..කූට ව්‍යාපාරිකයන්ට අහුවෙන්න එපා..!!
04:44
Video thumbnail
බොරැල්ලේ සිදුවූ බිහිසුණු අනතුරේ CCTV දර්ශන මෙන්න ..දොඹකරයේ රියදුරා ගංජා බීලා පදවලා තියෙන්නේ?
00:54
Video thumbnail
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මාලදිවයින් රාජ්‍ය සංචාරයේ නිල පිළිගැනීමේ උත්සවය
09:16


?