කොල්කටා වෛද්‍යවරිය දූෂණයට එරෙහිව මාසෙකට අධික කාලයක් වෛද්‍යවරුන් තවමත් වැඩවර්ජනයේ

ඉන්දියාවේ කොල්කටා නගරයේ රජයේ රෝහලක අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීම හේතුවෙන් එම රෝහලේ කනිෂ්ඨ වෛද්‍යවරු විසින් අධිකරණ නියෝග කඩ කරමින් අඛණ්ඩව විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

මේ වන විට එම දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ස්වේච්ඡා සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්කටාහි වෛද්‍යවරු පවසන්නේ තම ඉල්ලීම් ඉටු වන තුරු තමන් දැඩිව සිටින බවයි.

විරෝධතාකරුවන් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු මූලස්ථානයෙන් පිටත කඳවුරු පිහිටුවා ඇති අතර, ප්‍රධාන ඉල්ලීම් පහක් ප්‍රකාශ කරමින් විරෝධතා පවත්වා තිබෙනවා.

එම වෛද්‍යවරුන්ට සේවයට පැමිණීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබූ කාල සීමාව පසුගිය අඟහරුවාදා සම්මම්ත වී තිබුණා.

වර්ජනය අතරතුර වෛද්‍ය සේවාවන්ට ප්‍රවේශ නොවීම හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බවයි ප්‍රාන්ත රජය ප්‍රකාශ කරන්නේ.

එහෙත් හදිසි සේවාවලට බලපෑමක් සිදු නොවන බවට තමන් සහතික වන බව විරෝධතාවයේ නිරත වෛද්‍යවරු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09