හොඳම ටෙස්ට් පන්දු යවන්නන් අතර මිලාන් රත්නායක මුල් 100 දෙනා අතරට

ශ්‍රී ලංකා නවක ක්‍රීඩක මිලාන් රත්නායක ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි මුල් 100 දෙනා අතරට පැමිණීමට සමත් ව තිබෙනවා.

ICC කවුන්සිලය විසින් පෙරේදා (10) දිනයේ දී සිදු කරන ලද නවතම යාවත්කාලීන කිරීම්වලට අනුවයි මිලාන් හට ලොව හොඳම පන්දු යවන්නන් 100 දෙනා අතර 84 වැනි ස්ථානය හිමි ව ඇත්තේ.

මිලාන් රත්නායක මෙම දක්ෂතාව දැක්වූයේ පසුගියදා නිමාවට පත් වූ එංගලන්තයට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දීයි.

එය ඔහුගේ මංගල ටෙස්ට් තරගය ද වූ අතර; සිය මංගල ටෙස්ට් තරගයේ දී ද මිලාන් රත්නායක පළමු ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය ( ලකුණු 72ක්) ද වාර්තා කිරීමට සමත් වුණා.

එමෙන්ම ඔහු තරග 03ක දී කඩුලු 10ක් දවාගත්තේ ඉනිම් 06කට් ක්‍රීඩා කරමින්.

ඒ අනුව ඔහුට ප්‍රසාද ලකුණු 269ක් හිමි ව තිබෙනවා.

ටෙස්ට් තුන්ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි 50 වන ස්ථානය දක්වා ද මෙම නවක ක්‍රීඩකයා ඉදිරියට පැමිණ තිබීම දැකිය හැකියි.

මේ අතර එංගලන්ත තරගාවලිය තුළ දී කඩුලු දවා ගැනීමේ දී කැපී පෙනුණු ළහිරු කුමාර ද පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන 10ක් ඉහළට පැමිණ 32 වැනි ස්ථානය හිමිකරගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25