දූරකථනයකට දුරදිග ගිය ආරවුලෙන් අඹු – සැමි යුවලක් රෝහලේ

යකඩ කූරකින් හා පිහියකින් පහර දී අඹු – සැමි යුවලකට තුවාල සිදු කළ පිය -පුතු දෙපලක් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; සිද්ධියෙන් තුවාල ලබා ඇති මාදම්පේ ඇහැලලන්ද – ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අධිකාරී මුදියන්සේලාගේ සුසන්තා මාලනී යන අය ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර, සුළු තුවාල ලබා ඇති ඇයගේ ස්වාමි පුරුෂයා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බවයි.

ඊයේ (11) පෙරවරු 10.30 ට පමණ මෙම පහර දීම සිදු වී තිබෙනවා.

දුරකතනයක් පිළිබඳ ව ඇති වූ කතාබහක් පහරදීමට හේතුව බව පොලීසිය පවසනවා.

සැකකාර පියා මුලින්ම තුවාලකාරියගේ නිවස අසලට පැමිණ ආරවුල ඇති කරගෙන ඇති බවත්,පසුව සැකකාර පියා – සහ පුතා එක්ව යකඩ පොල්ලකින් සහ පිහියකින් පහරදීම සිදු කර ඇති බවත් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධියෙන් පසුව සැකකාර පිය – පුතු දෙදෙනා ප්‍රදේශය අතහැර පලා ගොස් තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි මාදම්පේ පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43