AFC Banner
Empty Ad
Empty Ad

නටත් අයෙක් සුරා මතින් – පොලිසියෙන් පැමිණ කුදලං යයි

අධික ලෙස මත්පැන් පානය කළ පුද්ගලයෙක් දිවුලපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට දී ඊයේ (10) සවස අසභ්‍ය ලෙස මහ පාරේ හැසිරෙමින් සිටි අවස්ථාවක දී පොලිසිය විසින් පැමිණ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම බීමතින් හැසිරුණු සැකකාර තැනැත්තා ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා යතුරුපැදි සහ සෙසු වාහනවලට හිරිහැර කරමින් අශෝබන අයුරින් හැසිරෙමින් සිටි බවත්; පසුව ඔහු යටඇඳුම පමණක් හැඳ පෞද්ගලික බස් රථයකට ගොඩ වූ බවයි.

එම අවස්ථාවේ දී සැකකාර පුද්ගලයාව බස් රථයෙන් බැස්සවීමට කොන්දොස්තර ද උත්සාහ කළ ද ඔහු ඊට අවනත වී නැහැ.

පසුව එම ස්ථානයට පැමිණි දිවුලපිටිය පොලිස් නිලධාරියෙකු විසින් සැකකරුව බස් රථයෙන් බස්සවාගෙන ඔහුව ත්‍රිරෝද රථයකට නංගවා පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා ගැන දිවුලපිටිය පොලිසියට නගරවාසීන් සිදු කළ දැනුම්දීමකට අනුවයි සැකකරුව අත් අඩංගුවට ගැනුණේ.

අප කළ විමසීමකදී දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (11) දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
13
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?