නටත් අයෙක් සුරා මතින් – පොලිසියෙන් පැමිණ කුදලං යයි

අධික ලෙස මත්පැන් පානය කළ පුද්ගලයෙක් දිවුලපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට දී ඊයේ (10) සවස අසභ්‍ය ලෙස මහ පාරේ හැසිරෙමින් සිටි අවස්ථාවක දී පොලිසිය විසින් පැමිණ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම බීමතින් හැසිරුණු සැකකාර තැනැත්තා ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා යතුරුපැදි සහ සෙසු වාහනවලට හිරිහැර කරමින් අශෝබන අයුරින් හැසිරෙමින් සිටි බවත්; පසුව ඔහු යටඇඳුම පමණක් හැඳ පෞද්ගලික බස් රථයකට ගොඩ වූ බවයි.

එම අවස්ථාවේ දී සැකකාර පුද්ගලයාව බස් රථයෙන් බැස්සවීමට කොන්දොස්තර ද උත්සාහ කළ ද ඔහු ඊට අවනත වී නැහැ.

පසුව එම ස්ථානයට පැමිණි දිවුලපිටිය පොලිස් නිලධාරියෙකු විසින් සැකකරුව බස් රථයෙන් බස්සවාගෙන ඔහුව ත්‍රිරෝද රථයකට නංගවා පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා ගැන දිවුලපිටිය පොලිසියට නගරවාසීන් සිදු කළ දැනුම්දීමකට අනුවයි සැකකරුව අත් අඩංගුවට ගැනුණේ.

අප කළ විමසීමකදී දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (11) දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
13
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එක යන්න දෙන්නේ නෑ - මූ බීලා ඉන්නේ, බස් එකෙන් බස්සන්න
02:47
Video thumbnail
අක්කර 20ක් වඩා විනාශ කළ කඳු රක්ෂිතයේ ගින්න
01:30
Video thumbnail
පොහොසත් රටක් නෑ, පොහොසත් ආණ්ඩුවක් තියෙන්නේ
07:58
Video thumbnail
ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තා සංගමයේ 90 වන සංවත්සරය අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් සමරයි
01:29
Video thumbnail
නාමල්, ජනපති අනුරට දාපු කින්ඩිය - 75%ක් ජනපතිට කැමතියි ලු, හිනාවෙන්න එපා
11:46
Video thumbnail
නාමල්ගේ ගමනට පොලිස් නිලධාරියෙක් හරස් වෙයි
01:38
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32