5 ශිෂ්‍යත්වයට සියල්ල සූදානම් – අද රැයින් පස්සෙ උපකාරක පන්ති තහනම්!

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සමගාමී ව පවත්වන සියලු ම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හෝ දේශන නැතහොත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රි 12 වන විට නතර කළ යුතු බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඊයේ (10) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ; විභාගය එළඹෙන 15 වැනි ඉරුදින ආරම්භ වන බැවින් දින තුනකට පෙර ප්‍රචාරණ කටයුතු නතර කිරීම විභාග නීතියක් බවයි.

2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වැනි දින පෙරවරු 9.30ට ආරම්භ වන අතර එය 10.45 තෙක් පැවැත්වෙනු ඇති.

පළමුව ලැබෙන්නේ පිළිතුරු ලිවීම සඳහා දෙවැනි පත්‍රය බව ද විභාග කොමසාරිස්වරයා පැවසුවා.

ඉන් අනතුරුව පෙරවරු 11.15 සිට දහවල් 12.15 තෙක් පළමු පත්‍රයට පිළිතුරු සැපයීමේ අවස්ථාව උදාවනු ඇති.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත් ව ඇති අතර එහි සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 244,092ක් ද ද්‍රවිඩ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 79,777ක් ද පෙනී සිටිනවා.

විභාග මධ්‍යස්ථාන 2849ක දී සහ විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 491ක දායකත්වයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?