5 ශිෂ්‍යත්වයට සියල්ල සූදානම් – අද රැයින් පස්සෙ උපකාරක පන්ති තහනම්!

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සමගාමී ව පවත්වන සියලු ම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හෝ දේශන නැතහොත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රි 12 වන විට නතර කළ යුතු බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඊයේ (10) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ; විභාගය එළඹෙන 15 වැනි ඉරුදින ආරම්භ වන බැවින් දින තුනකට පෙර ප්‍රචාරණ කටයුතු නතර කිරීම විභාග නීතියක් බවයි.

2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වැනි දින පෙරවරු 9.30ට ආරම්භ වන අතර එය 10.45 තෙක් පැවැත්වෙනු ඇති.

පළමුව ලැබෙන්නේ පිළිතුරු ලිවීම සඳහා දෙවැනි පත්‍රය බව ද විභාග කොමසාරිස්වරයා පැවසුවා.

ඉන් අනතුරුව පෙරවරු 11.15 සිට දහවල් 12.15 තෙක් පළමු පත්‍රයට පිළිතුරු සැපයීමේ අවස්ථාව උදාවනු ඇති.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත් ව ඇති අතර එහි සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 244,092ක් ද ද්‍රවිඩ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 79,777ක් ද පෙනී සිටිනවා.

විභාග මධ්‍යස්ථාන 2849ක දී සහ විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 491ක දායකත්වයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30