සීසීකඩ විසිරුණු සිතිවිලි එක්තැන් කළ රොක් සංගීතයේ කිරුළු නොපළන් රජු දිවි සැරිය නිමකරයි

මෙරට සංගීත ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන සේනක බටගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (11) අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 66 හැවිරිදි වියෙහි පසුවුණා.

වර්ෂ 1958 ජුනි මස 25 වැනි දින උපත ලැබූ සේනක බටගොඩ සූරීන් මෙරට සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූයේ රොක්, පොප් ගායන වාදන ශිල්පියෙකු ලෙසයි.

දක්ෂ ගිටාර් වාදකයෙකු වූ ඒ මහතාගේ රසිකයින් අමන්දානන්දයට පත් කළ ගීත ගොන්න අතර; ” අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පණක් තියෙනවා, සැනසුම සහ හොඳම දේ..” ආදි ගීත ඒ අතර වනවා.

දැවැන්ත රසික ආකර්ෂණයක් හිමි කර ගත්, ඔහු ගැයූ ගීත 7ක් සම්බන්ධයෙන් මෙම වසරේ අප්‍රේල් 03 වන දා වාරණ නියෝගයක් ද නිකුත් කෙරුණා.

කොළඹ මහාධිකරණය විසින් එම වාරණ නියෝගය නිකුත් කළේ, ‘අපි කවුරු ද’, ‘අපි සැනසිල්ලේ’, ‘රස්තා’, ‘අළු යට ගිනි’, ‘හීනවලට පණක් තිබෙනවා’, ‘හොඳ ම දේ’ හා ‘සැනසෙන්නම්’ යන ගීත 7 සම්බන්ධයෙන් වීම ද විශේෂත්වයක්.

සේනක බටගොඩ සූරීන් ගැයූ ගීත අතර ඉහත වාරණයට ලක් වූ ගීත සියල්ලම දෙස් විදෙස් රසිකයින් මහත් ආදරයෙන් වැළඳගත් ගීත අතර වුණා.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම වාරණ නියෝගය නිකුත් කළේ, ජනත් කුලතිලක නමැත්තෙකු විසින් ගොනු කළ නඩුවක් විභාගයට ගනිමින්.

ජනත් කුලතිලක සංගීත නිර්මාණයට දායක වූ බව කියන ගීත 7ක් වෙනුවෙන් බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු කර්තෘ භාගය නොගෙවූ බවට වන චෝදනා යටතේ එම ගීත මින් ඉදිරියට ගායනා කිරීම වළක්වමින් ගායන ශිල්පී සේනක බටගොඩට එරෙහිව එම වාරණ නියෝගය නිකුත් කෙරුණා.

එසේ ම, ජනත් කුලතිලක නමැති පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයක් වෙත පැවරීම වළක්වමින් ද වාණිජ මහාධිකරණය වාරණයක් නිකුත් කෙරුණේ මෙවන් පසුබිමක් මතයි.

කෙසේවෙතත් මෙවන් ගීත රැසකට වර්ණවත් විනිවිදභාවයකින් යුතු හඬ පෞරුෂයක් එක් කළ සේනක බටගොඩ ගායන ශිල්පියා ගේය පද රචකයෙකු ලෙසට ද ප්‍රසිද්ධියක් උසුලන අතර රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
41
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23