AFC Banner
Empty Ad
Empty Ad

2023 සා/පෙළ ප්‍රතිඵල සැප්තැම්බර් 30ට කලින් – ශිෂ්‍යත්වය ගැනත් දැනුම්දීමක්

2023 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස 30 වැනිදාට පෙර ලබාදිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

අද (10) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එළඹෙන ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීයි විභාග කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල ලකුණු සැකසීමේ අවසන් අදියරේ මේ වනවිට පවතින බව ද හෙතෙම ප්‍රකාශ කළා.

එබැවින් ඉදිරි දෙසතිය තුළ දී සියලු ම ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි විභාග කොමසාරිස්වරයා කියා සිටියේ.

මේ අතර එළඹෙන සැප්තැම්බර් 15 වැනි ඉරුදින පැවැත්වීමට නියමිත 2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ද අමිත් ජයසුන්දර මහතා මෙහිදී අදහස් පළ කළා.

ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වැනි දින පෙරවරු 9.30ට ආරම්භ වන අතර එය 10.45 තෙක් පැවැත්වෙනු ඇති.

පළමුව ලැබෙන්නේ පිළිතුරු ලිවීම සඳහා දෙවැනි පත්‍රය බව ද විභාග කොමසාරිස්වරයා පැවසුවා.

ඉන් අනතුරුව පෙරවරු 11.15 සිට දහවල් 12.15 තෙක් පළමු පත්‍රයට පිළිතුරු සැපයීමේ අවස්ථාව උදාවනු ඇති.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත් ව ඇති අතර එහි සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 244,092ක් ද ද්‍රවිඩ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 79,777ක් ද පෙනී සිටිනවා.

විභාග මධ්‍යස්ථාන 2849ක දී සහ විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 491ක දායකත්වයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයට සමගාමීව පැවැත්වෙන සියලුම උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ හෝ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදාහැරීමේ කටයුතු කිසිවක් හෙට (11) මධ්‍යම රාත්‍රී 12න් පසුව අවසන් කළ යුතු බවට ද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
16
+1
2
+1
4
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවුණ බිහිසුණු අනතුර
01:20
Video thumbnail
breaking news
01:56
Video thumbnail
ස්තූතියි නුගේගොඩ - මේක තමයි මිනිස්සුන්ට තියෙන පිපාසය#akd #npp #anurakumaradissanayake
02:02
Video thumbnail
හිරුණිකා මැද කොළඹ දෙවනක් කළ කතාව - ඒ කටේ සද්දෙනම් ඉවරයක් නෑ#hirunika_premachandra #sjb
02:56
Video thumbnail
අවසන් මැතිවරණ රැළියේ සජිත් ප්‍රේමදාස කළ සුපිරි කතාව #sajithpremadasa
06:28
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
01:48
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49

?