2023 සා/පෙළ ප්‍රතිඵල සැප්තැම්බර් 30ට කලින් – ශිෂ්‍යත්වය ගැනත් දැනුම්දීමක්

2023 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස 30 වැනිදාට පෙර ලබාදිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

අද (10) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එළඹෙන ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීයි විභාග කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල ලකුණු සැකසීමේ අවසන් අදියරේ මේ වනවිට පවතින බව ද හෙතෙම ප්‍රකාශ කළා.

එබැවින් ඉදිරි දෙසතිය තුළ දී සියලු ම ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි විභාග කොමසාරිස්වරයා කියා සිටියේ.

මේ අතර එළඹෙන සැප්තැම්බර් 15 වැනි ඉරුදින පැවැත්වීමට නියමිත 2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ද අමිත් ජයසුන්දර මහතා මෙහිදී අදහස් පළ කළා.

ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වැනි දින පෙරවරු 9.30ට ආරම්භ වන අතර එය 10.45 තෙක් පැවැත්වෙනු ඇති.

පළමුව ලැබෙන්නේ පිළිතුරු ලිවීම සඳහා දෙවැනි පත්‍රය බව ද විභාග කොමසාරිස්වරයා පැවසුවා.

ඉන් අනතුරුව පෙරවරු 11.15 සිට දහවල් 12.15 තෙක් පළමු පත්‍රයට පිළිතුරු සැපයීමේ අවස්ථාව උදාවනු ඇති.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත් ව ඇති අතර එහි සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 244,092ක් ද ද්‍රවිඩ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 79,777ක් ද පෙනී සිටිනවා.

විභාග මධ්‍යස්ථාන 2849ක දී සහ විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 491ක දායකත්වයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයට සමගාමීව පැවැත්වෙන සියලුම උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ හෝ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදාහැරීමේ කටයුතු කිසිවක් හෙට (11) මධ්‍යම රාත්‍රී 12න් පසුව අවසන් කළ යුතු බවට ද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14