පැතුම් නිස්සංක ටෙස්ට් පිටියේ දෙවැනි ශතකය ලබයි

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මීට ටික වේලාවකට පෙර (09) ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

මෙම ශතකය පැතුම්ගේ දෙවැනි ටෙස්ට් ශතකය ලෙසටයි වාර්තා වූයේ.

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී දෙරට අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙන අතර එහිදීයි පැතුම් සිය ශතකය ලබා ගත්තේ.

දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීමට ලකුණු 219ක ඉලක්කයක් හඹා යෑමට සිදු ව තිබෙනවා.

එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිමට ලබා ගත්තේ ලකුණු 156ක් පමණි.

දෙවැනි ඉනිමේ ආරම්භක පිතිකරු ලෙස පැමිණි පැතුම් නිස්සංක සිය හැඩකාර ටෙස්ට් ශතකය හතරේ පහර 11කින් වර්ණවත් කරගැනීමට සමත් වුණා.

ඒ පන්දු 107ක් පමණක් වැය කරමින්.

ටෙස්ට් තරග 10කට ක්‍රීඩා කර ඇති පැතුම්, ඉනිම් 11ක දී ලබාගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 563ක් වන අතර ඊට අර්ධ ශතක 05ක් ඇතුළත්.

පැතුම් ලබාගත් මෙම ශතකය සමගින් ඔහු මේ වනවිට ලබා සිටින ලකුණු සංඛ්‍යාව (107*) ඔහුගේ ටෙස්ට් දිවියේ වාර්තා කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වනවා.

ඔහු මීට පෙර ටෙස්ට් පිටියේ දී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 103ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 188ක් ලබා ජයග්‍රහණයට ලකුණු 39ක් පිටිපසින් සිටිනවා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ පැතුම් සමගින් ඇන්ජිලෝ මැතිව්ස් වන අතර මැතිව්ස් නොදැවී ලකුණු 19යි.

අද තරගයේ සිව්වැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
0
+1
8
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?