පැතුම් නිස්සංක ටෙස්ට් පිටියේ දෙවැනි ශතකය ලබයි

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මීට ටික වේලාවකට පෙර (09) ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

මෙම ශතකය පැතුම්ගේ දෙවැනි ටෙස්ට් ශතකය ලෙසටයි වාර්තා වූයේ.

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී දෙරට අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙන අතර එහිදීයි පැතුම් සිය ශතකය ලබා ගත්තේ.

දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීමට ලකුණු 219ක ඉලක්කයක් හඹා යෑමට සිදු ව තිබෙනවා.

එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිමට ලබා ගත්තේ ලකුණු 156ක් පමණි.

දෙවැනි ඉනිමේ ආරම්භක පිතිකරු ලෙස පැමිණි පැතුම් නිස්සංක සිය හැඩකාර ටෙස්ට් ශතකය හතරේ පහර 11කින් වර්ණවත් කරගැනීමට සමත් වුණා.

ඒ පන්දු 107ක් පමණක් වැය කරමින්.

ටෙස්ට් තරග 10කට ක්‍රීඩා කර ඇති පැතුම්, ඉනිම් 11ක දී ලබාගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 563ක් වන අතර ඊට අර්ධ ශතක 05ක් ඇතුළත්.

පැතුම් ලබාගත් මෙම ශතකය සමගින් ඔහු මේ වනවිට ලබා සිටින ලකුණු සංඛ්‍යාව (107*) ඔහුගේ ටෙස්ට් දිවියේ වාර්තා කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වනවා.

ඔහු මීට පෙර ටෙස්ට් පිටියේ දී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 103ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 188ක් ලබා ජයග්‍රහණයට ලකුණු 39ක් පිටිපසින් සිටිනවා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ පැතුම් සමගින් ඇන්ජිලෝ මැතිව්ස් වන අතර මැතිව්ස් නොදැවී ලකුණු 19යි.

අද තරගයේ සිව්වැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14