AFC Banner
Empty Ad
Empty Ad

හොර දොස්තර කෙනෙක් සිදුකළ සැත්කමකින් ළමයෙකුට දිවි අහිමිවෙයි

ව්‍යාජ වෛද්‍යවරයෙක් විසින් සිදුකළ සැත්කමකින් පසු පිරිමි ළමයෙක් ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

බිහාර් ප්‍රාන්තයේ සරාන් ප්‍රදේශයේ ජීවත් වූ 15 හැවිරිදි පිරිමි ළමයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අදාළ ව්‍යාජ වෛද්‍යවරයා යූ ටියුබ් උපදෙස් භාවිත කරමින් ළමයාගේ පිත්තාශයේ තිබූ ගලක් ඉවත් කිරීමට සිදුකළ ශල්‍යකර්මයකින් පසු එම ළමයා මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දරුවා අධික ලෙස වමනය කිරීමත් සමඟ මව්පියන් විසින් ඔහුව සරන් හි ගණපති පුද්ගලික රෝහලට ගෙන ගොස් තිබෙනවා.

එහිදී වෛද්‍යවරයෙක් විසින් මව්පියන්ගේ අනුමැතියකින් තොරව යූ ටියුබ් හි වීඩියෝ නරඹමින් එහි උපදෙස් භාවිත කරමින් ළමයාට ශල්‍යකර්මයක් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ළමයාගේ තත්ත්වය නරක අතට හැරීමෙන් පසු වෙනත් රෝහලකට ඔහුව මාරුකර යැවීමට අදාළ ව්‍යාජ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කර ඇති අතර, ළමයා රෝහලට ගෙන යන අතර මඟදී මිය ගොස් ඇති බව සඳහන්.

ශල්‍යකර්මය සිදුකළ ව්‍යාජ වෛද්‍යවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, රෝහල් කාර්ය මණ්ඩලය සොයා ගැනීමට නොහැකි බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?