හොර දොස්තර කෙනෙක් සිදුකළ සැත්කමකින් ළමයෙකුට දිවි අහිමිවෙයි

ව්‍යාජ වෛද්‍යවරයෙක් විසින් සිදුකළ සැත්කමකින් පසු පිරිමි ළමයෙක් ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

බිහාර් ප්‍රාන්තයේ සරාන් ප්‍රදේශයේ ජීවත් වූ 15 හැවිරිදි පිරිමි ළමයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අදාළ ව්‍යාජ වෛද්‍යවරයා යූ ටියුබ් උපදෙස් භාවිත කරමින් ළමයාගේ පිත්තාශයේ තිබූ ගලක් ඉවත් කිරීමට සිදුකළ ශල්‍යකර්මයකින් පසු එම ළමයා මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දරුවා අධික ලෙස වමනය කිරීමත් සමඟ මව්පියන් විසින් ඔහුව සරන් හි ගණපති පුද්ගලික රෝහලට ගෙන ගොස් තිබෙනවා.

එහිදී වෛද්‍යවරයෙක් විසින් මව්පියන්ගේ අනුමැතියකින් තොරව යූ ටියුබ් හි වීඩියෝ නරඹමින් එහි උපදෙස් භාවිත කරමින් ළමයාට ශල්‍යකර්මයක් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ළමයාගේ තත්ත්වය නරක අතට හැරීමෙන් පසු වෙනත් රෝහලකට ඔහුව මාරුකර යැවීමට අදාළ ව්‍යාජ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කර ඇති අතර, ළමයා රෝහලට ගෙන යන අතර මඟදී මිය ගොස් ඇති බව සඳහන්.

ශල්‍යකර්මය සිදුකළ ව්‍යාජ වෛද්‍යවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, රෝහල් කාර්ය මණ්ඩලය සොයා ගැනීමට නොහැකි බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17