මඩකළපුව නැගෙනහිර ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයින් රැගත් ධීවර යත්‍රාවක් ඊයේ (07) දින රාත්‍රියේ සංවිධානාත්මක මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් කොල්ල කා තිබෙනවා.
එම කොල්ලකරුවන් පිරිස ඔවුන්ට පහර දී රුපියල් ලක්ෂ දහඅටකට ආසන්න වටිනාකමකින් යුත් ධීවර ආම්පන්න ඇතුළු තවත් උපකරණ රැසක් පැහැරගෙන ගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන කලවංචිකුඩි පොලිසිය සඳහන් කරනවා.
මෙසේ කොල්ලකෑමට ලක්ව ඇත්තේ මඩකළපුව නැගෙනහිර ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි කලවංචිකුඩි, කළුදාවයි ප්‍රදේශයේ පදිංචි ධීවරයින් තිදෙනෙක්.
බෝට්ටු යාත්‍රා දෙකක් ආධාරයෙන් පැමිණි කොල්ලකරුවන් අට දෙනකුගෙන් සමන්විත සංවිධානාත්මක පිරිසක් මෙම කොල්ලකෑම සිදුකර තිබුණා.
එකවර ධීවර යාත්‍රාවට ගොඩ වැදුණු කොල්ලකරුවන් පිරිස බෝතල්, ගල්මුල්, සහ යකඩ මුගුරු වලින් ධීවරයින්ට පහර දී එම ධීවර යාත්‍රාවේ එන්ජිම, ධීවර ආම්පන්න සහ ජී.පී.එස් යන්ත්‍රයක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.
එම කොල්ලකරුවන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට පැමිණිලිකාර ධීවරයින් හඳුනාගෙන ඇති බවයි පරික්ෂණ පවත්වන කලවංචිකුඩි පොලිසිය සදහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කලංවචිකුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.













