කොල්ලකරුවන් පිරිසක් ධීවර යාත්‍රාවක් කොල්ලකයි

මඩකළපුව නැගෙනහිර ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයින් රැගත් ධීවර යත්‍රාවක් ඊයේ (07) දින රාත්‍රියේ සංවිධානාත්මක මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් කොල්ල කා තිබෙනවා.

එම කොල්ලකරුවන් පිරිස ඔවුන්ට පහර දී රුපියල් ලක්ෂ දහඅටකට ආසන්න වටිනාකමකින් යුත් ධීවර ආම්පන්න ඇතුළු තවත් උපකරණ රැසක් පැහැරගෙන ගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන කලවංචිකුඩි පොලිසිය සඳහන් කරනවා.

මෙසේ කොල්ලකෑමට ලක්ව ඇත්තේ මඩකළපුව නැගෙනහිර ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි කලවංචිකුඩි, කළුදාවයි ප්‍රදේශයේ පදිංචි ධීවරයින් තිදෙනෙක්.

බෝට්ටු යාත්‍රා දෙකක් ආධාරයෙන් පැමිණි කොල්ලකරුවන් අට දෙනකුගෙන් සමන්විත සංවිධානාත්මක පිරිසක් මෙම කොල්ලකෑම සිදුකර තිබුණා.

එකවර ධීවර යාත්‍රාවට ගොඩ වැදුණු කොල්ලකරුවන් පිරිස බෝතල්, ගල්මුල්, සහ යකඩ මුගුරු වලින් ධීවරයින්ට පහර දී එම ධීවර යාත්‍රාවේ එන්ජිම, ධීවර ආම්පන්න සහ ජී.පී.එස් යන්ත්‍රයක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.

එම කොල්ලකරුවන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට පැමිණිලිකාර ධීවරයින් හඳුනාගෙන ඇති බවයි පරික්ෂණ පවත්වන කලවංචිකුඩි පොලිසිය සදහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කලංවචිකුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43