AFC Banner
Empty Ad
Empty Ad

විස්කි මිශ්‍ර අයිස්ක්‍රීම් විකිණූ ජාවාරමක් හයිද්‍රාබාදයෙන් වටලයි

ඉන්දීය සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් විස්කි මිශ්‍ර අයිස්ක්‍රීම් අලෙවි කිරීමේ ජාවාරමක් වැටලීමට ඊයේ (06) සමත්ව තිබෙනවා.

මහා පරිමාණයෙන් හයිද්‍රාබාද් නගරයේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ජාවාරමට සම්බන්ධ බව කියන සැකකරුවන් කිහිපදෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අයිස්ක්‍රීම්වලට විවිධ වර්ගයේ විස්කි මිශ්‍ර කරමින් එම අයිස්ක්‍රීම්, පාරිභෝගිකයින් වෙත ඉහළ මිල ගණන්වලට අලෙවි කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මොවුන් විසින් අයිස්ක්‍රීම් කිලෝග්‍රෑමයකට විස්කි මිලිලීටර් 60 බැගින් මිශ්‍ර කර මෙලෙස අලෙවි කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එලෙස අලෙවි කිරීමට ඇති විස්කි මිශ්‍ර අයිස්ක්‍රීම් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ මේ පිළිබඳව තොරතුරු ලැබීමත් සමඟ මෙම ජාවාරම වැටලීමට ඉන්දීය සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?