විස්කි මිශ්‍ර අයිස්ක්‍රීම් විකිණූ ජාවාරමක් හයිද්‍රාබාදයෙන් වටලයි

ඉන්දීය සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් විස්කි මිශ්‍ර අයිස්ක්‍රීම් අලෙවි කිරීමේ ජාවාරමක් වැටලීමට ඊයේ (06) සමත්ව තිබෙනවා.

මහා පරිමාණයෙන් හයිද්‍රාබාද් නගරයේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ජාවාරමට සම්බන්ධ බව කියන සැකකරුවන් කිහිපදෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අයිස්ක්‍රීම්වලට විවිධ වර්ගයේ විස්කි මිශ්‍ර කරමින් එම අයිස්ක්‍රීම්, පාරිභෝගිකයින් වෙත ඉහළ මිල ගණන්වලට අලෙවි කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මොවුන් විසින් අයිස්ක්‍රීම් කිලෝග්‍රෑමයකට විස්කි මිලිලීටර් 60 බැගින් මිශ්‍ර කර මෙලෙස අලෙවි කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එලෙස අලෙවි කිරීමට ඇති විස්කි මිශ්‍ර අයිස්ක්‍රීම් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ මේ පිළිබඳව තොරතුරු ලැබීමත් සමඟ මෙම ජාවාරම වැටලීමට ඉන්දීය සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44