AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකාවෙන් ලැබුණු පරිත්‍යාගය ලබන සතියේ ලංකාවට

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද බීච්ක්‍රාෆ්ට් කිංග්ස් එයාර් 360ER ගුවන් යානය එළඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව වාර්තා වනවා.

මෙම ගුවන් යානය 2022 වසර අග භාගයේ දී නිමකර ඇති අතර, රේඩාර් සහ කැමරා වැනි සමුද්‍ර ආවේක්ෂණ සංවේදනයක් ඇතුළුව අතිරේක වැඩිදියුණු කිරීම් ද ඇතුළත් කර 2024 මැද භාගයේදී සම්පූර්ණයෙන් වැඩ අවසන් කර තිබෙනවා.

ඩොලර් මිලියන 19ක් වටිනා මෙම ප්‍රදානයට ගුවන් යානා සහ ආධාරක සේවාවන් ද ඇතුළත්.

මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ මුර සංචාරයේ යෙදීමට සහ සමුද්‍රීය තර්ජනවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ඉහළ නැංවීම සඳහා අති නවීන තාක්ෂණයෙන් යුක්ත වනවා.

ගුවන් යානය මෙරටට පැමිණීමෙන් පසු රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී වැඩිදුර පුහුණුවීම් සහ ඒකාබද්ධ කිරීම් කටයුතු සඳහා යොදා ගැනීමෙන් පසු ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි සමුද්‍ර සංචාර 03 වැනි බලඝණයට සම්බන්ධ කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?