AFC Banner
Empty Ad
Empty Ad

තම කිරි ගවයින් සොයන්න කැලේ ගිය තිදෙනෙක්ට අලි පහරදීමක්

හබරණ – පලුගස්වැව, කුඩලුගස් වැව ප්‍රදේශයේ චුම්බිකුලිය රක්ෂිතය තුළ වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකු සමග තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වූ කිරිගවයින් දෙදෙනෙක් සෙවීමට රක්ෂිත භූමියට ඇතුල් වී තිබුණා.

එසේ යන අතරතුර තමන් දෙසට පැමිණි වනඅලියෙකු; තිදෙනාගෙන් එක් අයෙකුට පහරදීම සිදු කළ බවත් අනතුරින් දිවි බේරා ගත් එක් පුද්ගලයෙක් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අනතුරින් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරීවරයෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අලි පහරදීමෙන් මියගොස් ඇත්තේ හබරණ පලුගස්වැව ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි 68 වියෙහි පසුවූ දෙදරු පියෙක්.

අද (05) දහවල් ස්ථානීය පරික්ෂාවක් පලුගස්වැව හදිසි මරණ පරීක්ෂක කේ.බී නන්දසේන මහතා විසින් සිදු කරනු ලැබුවා.

වැඩිදුර පරීක්ෂණ ගනේවල්පොල වනජීවී නිලධාරීන් හා සීගිරිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?